Thursday, December 27, 2012

මේක තුං තේරවිල්ලක් නං නෙවෙයි. ඒත් තේරවිල්ලක් වගේ තමයි.
දවසක් මිතුරෙක් මගෙන් ඇහුවා මට "හෙළුවෙන් වනන්න" පුළුවන්ද කියල.
එක පාරටම මීටර් වෙන්නෙ ටිකක් අප්සට් සිද්ධියක් උණාට, ටිකක් කල්පනා කරල බැලුවම
තමයි තේරුණේ...
එයා මගෙන් ඇහුවෙ "සිංහලෙන් කතාකරන්න" පුළුවංද කියල !
පොඩි කාලෙ කියපු තවත් තුන් තේරවිල්ලක් මතක් උණා. ඒකත් ලියල දාන්නං

හාමුදුරු නැට්ට  මතකද?
හාමුදුරු නං සංඝ
නැට්ට නං බාව 
සංඝබාව
ගංසභාව

Monday, June 18, 2012

පලයං බස්එක පතහට...
පලයං නං පෝ
බස් එක නං රිය
පතහ නං වල
පෝරියවල-වාරියපොල
පෙරේත ගොල්ල?
පෙරේත නං කෑදර
ගොල්ල නං අකුළ
කෑදර අකුළ-ආදර කැකුළ
පණහයි දහයයි ඔළුව තියෙන එක?
පණහයි දහයයි = හැට
 ඔළුව තියෙන එක = කොට්ටෙ
හැට කොට්ටෙ - කොට හැට්ටෙ
බුලත් පුවක් හුණු දුංකොළ කොහොල්ල?
බුලත් පුවක් හුණු දුංකොළ= විට
කොහොල්ල=ඇළියා
විට ඇළියා - ඇට විළියා